එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබේ. 0
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටය. 1
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසද නියෝග කර තිබේ.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් හෝ ඔවුන්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙසද මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසියක් පනවා ඇත. 2
කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින තවත් එයාර්බස් ගනුදෙනු නඩුවක් හේතුවෙන් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
එම නඩුවට අදාළව ඔහු ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (29) අධිකරණය නියෝග කළේය. මීට අමතරව ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවෙන්ද ඔහු ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3
“`4

