Homeසියලුම පුවත්රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට කැමරා ශිල්පියෙකුගෙන් පහරදීමක්

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට කැමරා ශිල්පියෙකුගෙන් පහරදීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට කැමරා ශිල්පියෙකු විසින් පහර දී ඇති බව වාර්තා වේ. 0

අධිකරණ ගේට්ටුව ආසන්නයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවේ යෙදී සිටි නිලධාරියාගේ හිසට කැමරාවකින් පහර වැදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආරක්ෂක නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 1

සිද්ධිය එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවලද පටිගත වී ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කර ඇත. එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අනතුරක් කිරීමේ පූර්ව සැලසුමක් තිබුණේද යන්න පිළිබඳවද පක්ෂය ප්‍රශ්න කර තිබේ. 2
“`3

RELATED ARTICLES

Most Popular

Recent Comments