Homeසියලුම පුවත්ඩොලරයේ ඉහළයාම ගැන ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි

ඩොලරයේ ඉහළයාම ගැන ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වුවහොත් ඉදිරියේදී ඉන්ධන, විදුලිය, ජල බිල්පත් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.
ධනනාත් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ඩොලර් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම, අපනයන ආදායම් අඩුවීම සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය පහළ යාම මෙම තත්ත්වයට බලපා ඇති බවයි.
එමෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අගයන් අනුව ඉන්ධන මිල ඇතුළු ජීවන වියදම් තවත් ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments