දිලිත් ජයවීර මහතා පවසන්නේ, රටේ ආර්ථිකය බිඳවැටුණු කාලයටත් වඩා වේගයෙන් මේ වනවිට ශ්රී ලංකා රුපියල අවප්රමාණය වෙමින් පවතින බවයි.
අද (15) පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආනයන හා අපනයන ප්රතිපත්ති නිසි ආර්ථික දැක්මකින් තොරව ක්රියාත්මක කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
වහාම ප්රතිපත්තිමය තීරණ වෙනස් නොකළහොත් ඉදිරියේදී ආර්ථික පීඩනය ජනතාවට තවත් දැඩි ලෙස බලපානු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
රුපියල වේගයෙන් අවප්රමාණය වෙමින් පවතිනවා – දිලිත්

