හෝමාගම කටුවාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 830ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වන නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මහරගම සහ මරදාන ඇතුළු ප්‍රදේශවල ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ සිද්ධි කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.
ඒ අනුව සොරකම් කළ ත්‍රීරෝද රථ 4ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, හෝමාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ත්‍රීරෝද රථ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

