Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්තැන තැන හමුවන මළසිරුරු

තැන තැන හමුවන මළසිරුරු

කැකිරාව ප්‍රදේශයේ කුඩා කැකිරාව වැවෙන් පුද්ගල මළසිරුරක් හමුවීමත් සමඟ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
එමෙන්ම දෙහිඅත්තකණ්ඩිය නාගස්වැව ප්‍රදේශයේ කුඹුරක් තුළින් නාඳුනන පිරිමි මළසිරුරක් හමුවී තිබේ. එම මරණය දින කිහිපයකට පෙර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර අළුත්ගම බස් නැවතුම්පළ තුළදී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 91ක් වූ පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුද්ගලික බස් රථයක් මගීන් බස්සවා නැවත ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පොලීසි ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments