Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්සාම පාගමනට වියට්නාම භික්ෂූන් වහන්සේලා දිවයිනට

සාම පාගමනට වියට්නාම භික්ෂූන් වහන්සේලා දිවයිනට

පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ වියට්නාම භික්ෂූන් වහන්සේලා හත් නමක් “Walk For Peace” සාම පාගමනට සහභාගී වීම සඳහා අද (21) උදෑසන ශ්‍රී ලංකාවට වැඩම කළහ.
මෙම පාගමන අද සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිත අතර, ජාත්‍යන්තර අවධානය දිනාගත් වැඩසටහනක් ලෙස සැලකේ.
සාම පාගමන සඳහා “ආලෝකා” නම් සුනඛයාවද ආරක්ෂිතව මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වේ.
මෙම පාගමන අතරතුර ජය ශ්‍රී මහා බෝධිය වෙතින් ලබාගත් බෝධි අංකුරයක්ද වැඩම කරවීමට සැලසුම් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය, “Clean Sri Lanka” වැඩසටහන සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් මෙම වැඩසටහනට සහාය දක්වයි.
මෙම පාගමන අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ සම්ප්‍රදායික ශිල්ප හා කලා විශේෂාංගද ජනගත කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments