Homeසියලුම පුවත්රණවිරු සැමරුම් උත්සවයට අද විශේෂ රථවාහන සැලැස්මක්

රණවිරු සැමරුම් උත්සවයට අද විශේෂ රථවාහන සැලැස්මක්

අද (19) පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාළව Sri Lanka Police විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී උත්සවය පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අද පස්වරු 3.30 සිට පොල්දූව හන්දිය සහ කියැන්නෑම් හන්දිය ආශ්‍රිත ප්‍රදේශවල රථවාහන ගමනාගමනය සීමා කර විකල්ප මාර්ග වෙත වාහන යොමු කිරීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
බස් රථ සහ ට්‍රක් රථ සඳහාද විශේෂ ගාල් කිරීමේ ස්ථාන වෙන්කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments