Homeසියලුම පුවත්වැඩිහිටි දීමනා ඔක්තෝබර් 01දා සිට අස්වැසුම ගිණුම් වෙත

වැඩිහිටි දීමනා ඔක්තෝබර් 01දා සිට අස්වැසුම ගිණුම් වෙත

2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 වනදා අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර තිබේ.

එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා රුපියල් මිලියන 395.315ක මුදලක් වෙන් කර ඇත.

ඒ අනුව අදියර දෙක යටතේ වැඩිහිටියන් 695,818 දෙනෙකු සඳහා ගෙවීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 3,479.07කි.

අදාළ ප්‍රතිලාභීන්ට ඔක්තෝබර් 01 වනදා සිට සිය වැඩිහිටි දීමනා අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments