Homeසියලුම පුවත්විභාග කාලසීමාවේදී ආපදා තත්ත්වයන්ට දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක්

විභාග කාලසීමාවේදී ආපදා තත්ත්වයන්ට දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක්

ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාවේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීම සඳහා නව දුරකථන අංක 5ක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ආරක්ෂිතව රැගෙන යාම, ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනය සහ විභාග රාජකාරි බාධාවකින් තොරව සිදුකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවද ඔහු පැවසීය.

නව දුරකථන අංක 5 විභාගයට පෙර දිනයේදී ප්‍රකාශයට පත් කරන අතර, 117 හදිසි දුරකථන අංකයද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන් කරයි. එසේම කාලගුණ හා ආපදා තත්ත්වයන් පිළිබඳ යාවත්කාලීන වාර්තා පැය 3කට හෝ 6කට වරක් නිකුත් කිරීමටද සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments