ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා සිය එක්දින නිල ශ්‍රී ලංකා සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
සංචාරය අතරතුර ජනාධිපති, අග්‍රාමාත්‍යවරිය, විපක්ෂ නායක, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ දෙරටේ සහයෝගීතාව, වෙළෙඳාම, ආයෝජන, සංවර්ධන ව්‍යාපෘති සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.
එහිදී දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායි ණය ගිවිසුම් හුවමාරු කරගෙන ඇති අතර, උතුරු හා නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති, නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම, සමාජ ආරක්ෂණ ගිවිසුම සහ ඉන්දීය ධීවරයින් සම්බන්ධ කරුණු පිළිබඳවද අවධානය යොමු වී තිබේ.

