සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ ප්රතිලාභ ලබන පවුල් 999,053කට රුපියල් නව බිලියන 181,696,250ක මුදලක් බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.
එමෙන්ම දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට රුපියල් බිලියන 2,120,856,250ක මුදලක් ගෙවීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව අදාළ මුදල් හෙට (17) සිට ප්‍රතිලාභීන්ට ලබාගත හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

