ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදට යෙදී තිබේ.
අද (28) දහවල් 12ට කැලණිය රජමහා විහාරය සිට ආරම්භ වන පාගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
අනතුරුව පස්වරු 4ට නිදහස් චතුරස්‍රය තුළ අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිතය.
එහිදී පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධිය අංකුර පැළයක් භාරදීමටද සැලසුම් කර ඇත.
පසුව පස්වරු 5.30ට නැවත ආරම්භ වන පාගමන ගංගාරාම විහාරය දක්වා ගමන් කර අවසන් වේ.
මෙම සාම පාගමන පසුගිය 22 වනදා දඹුල්ලෙන් ආරම්භ වී යක්කල හරහා කැලණිය දක්වා පැමිණ තිබුණි.
මේ අතර, අද දිනයේ කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර, බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හංදිය දක්වා සහ ගංගාරාම විහාරය අවට ප්‍රදේශවල උදෑසන 11 සිට අවස්ථානුකූලව වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.
ඒහි පස්සිකෝ” සාම පාගමනේ අවසන් දිනය අද

