කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව යළිත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, මුහුද රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ අංශය අනතුරු අඟවයි.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ සැලකිලිමත්ව සිටිමින් අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
රළු මුහුදු ගැන කාලගුණයෙන් යළි අනතුරු ඇඟවීමක්

