Homeසියලුම පුවත්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල නොවන වාහන පැවරීමකට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිෂ්කාශනයකින් තොරව සහ රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇත.

එම මෝටර් රථයේ පළමු පැවරීම සඳහා කවුළු අංකයක් ලබාදී, එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට ද කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු වූ විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments