ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අද (03) පස්වරුවේ ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණු වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන් අවසන් කිරීමයි.
ට්‍රම්ප් සඳහන් කළේ තමන් යුද්ධයකට වඩා සාකච්ඡා මගින් ගිවිසුමකට පැමිණීමට කැමැත්තක් දක්වන බවත්, මිනිස් ජීවිත හානි වැළැක්වීම තම ප්රමුඛ අරමුණ බවත්ය.
සාකච්ඡා ආරම්භ වන බවට නිල නිවේදනයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 4%කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

