ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූලව IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

