Sunday, November 16, 2025
HomeදේශීයIMF ශ්‍රී ලංකාවට බරපතල කොන්දේසියක් දමයි

IMF ශ්‍රී ලංකාවට බරපතල කොන්දේසියක් දමයි

චීනයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 6.5 ක පමණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සාකච්ඡා ශ‍්‍රී ලංකාව විසින් ආරම්භ කළ යුතුව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසයි.

රොයිටර් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු පවසන්නේ චීනය ශ‍්‍රී ලංකාවේ විශාල ණයහිමියෙකු වන අතර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බවයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සදහා වන සාකච්චා තව දුරටත් ඉදිරියට යමින් ඇති බවත් ඔහු එහිදී සදහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments