Homeසියලුම පුවත්අද සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

අද සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

අද (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර හා වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය, පුත්තලම දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමන බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments