දකුණු කොරියාවට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 20කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අද (06) දිනයේ අගනුවර වන සෝල් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
එරට ජනාධිපති ලී ජේ මියුං සඳහන් කළේ, මෙවැනි අධික උණුසුම් තත්ත්වයක් රට තුළ මීට පෙර අත්විඳ නොමැති බවයි. එමෙන්ම දවසේ උණුසුම්ම පැයවලදී එළිමහන් සේවකයන්ට අනිවාර්ය විවේක කාල ලබාදෙන ලෙස ද උපදෙස් ලබාදී තිබේ.
මීට පෙර දකුණු කොරියාවේ ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වී ඇත්තේ 2018 අගෝස්තු මාසයේදී සෙල්සියස් අංශක 39.6කි.

