ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414ක් වේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති අතර, එය තවදුරටත් රුපියල් 475ක මිලට අලෙවි කෙරේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව පැවති රුපියල් 478ක මිල රුපියල් 528ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392කි.
කෙසේ වෙතත් භූමිතෙල් මිල සංශෝධනය කර නොමැති අතර, එය තවදුරටත් රුපියල් 285ක මිලට පවතී.

