රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) යළි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
ඒ, ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන නඩු කටයුතු සහ විමර්ශන සම්බන්ධයෙන්ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩුවේ නාමල් රාජපක්ෂ මහතා සිව්වැනි සැකකරු ලෙස නම් කර තිබේ.
අදාළ නඩුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණි.

