ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් පළාත් 8ක එම සේවාව අද (25) සිට දින තුනක කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ, අද සිට එළැඹෙන 28 වැනිදා දක්වා මෙම සේවාව තාවකාලිකව අක්‍රීය වන බවය.
ඒ අනුව මධ්‍යම, උතුරු මැද, වයඹ, දකුණු, නැගෙනහිර, උතුරු, සබරගමුව සහ ඌව යන පළාත් 8 තුළ මෙම සේවාව ලබාගත නොහැකිය.
පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම හා උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් පද්ධතිය යාවත්කාලීන කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එළැඹෙන 29 වැනි අඟහරුවාදා සිට ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව නැවත සාමාන්‍ය පරිදි ලබාගත හැකි බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

