බුත්තල ප්රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෙමළිය වැව පිටාර ගලමින් ඇති බව වාර්තා වෙයි.
එහි ප්රතිඵලයක් ලෙස කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යට වී ඇති අතර, බුත්තල – දෙමළිය මාර්ගයේ කොටස් කිහිපයක්ද ජලයෙන් යටවී ඇති බව සඳහන් වේ.
ප්රදේශවාසීන් පවසන්නේ වසර ගණනාවකට පසු මෙවැනි තත්ත්වයක් මෙම ප්රදේශයෙන් වාර්තා වන බවයි.
බුත්තල දෙමළිය වැව පිටාර ගලයි

