Homeසියලුම පුවත්මහර රැඳවියන්ගේ ඥාතීන්ට විශේෂ දැනුම්දීමක්

මහර රැඳවියන්ගේ ඥාතීන්ට විශේෂ දැනුම්දීමක්

මහර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් 104 දෙනා, බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළ සැකකරුවන් බව මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, එම රැඳවියන්ගේ නාම ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බවයි.

එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා දක්වා මහර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අවසර නොලැබෙන බවද ඔහු දැනුම් දුන්නේය.

මේ වන විට බන්ධනාගාරයේ සිටින සියලු රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඔවුන්ගේ ඥාතීන්ගෙන් මහර බන්ධනාගාර අධිකාරීවරයා ඉල්ලා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments