වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ අද (16) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
අනතුර හේතුවෙන් දුම්රියේ එක් මැදිරියක් පෙරළී ගොස් ඇති අතර, එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
මෙම දුම්රිය පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බව වැඩිදුරටත් වාර්තා වෙයි.
වනවාසල – හුණුපිටිය අතර දුම්රියක් පීලි පැනෙයි

