Homeසියලුම පුවත්වාහන ආනයන අධිභාරය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්

වාහන ආනයන අධිභාරය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්

වාහන ආනයනය සඳහා පැනවූ සියයට 50ක අධිභාරය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (16) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පසුගිය මාස කිහිපය තුළ ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් විදේශ විනිමය සංචිත කළමනාකරණය කිරීම සඳහා මාස 3ක කාලයක් මෙම පියවර ගත් බවයි.
එමෙන්ම, වාහන ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමක් නොව, තාවකාලික බදු සංශෝධනයක් පමණක් සිදුකර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වාහන මිල සියයට 50කින් ඉහළ යන බවට පළවන තොරතුරු සාවද්‍ය බවත්, සැබෑ බදු වැඩිවීම සිදුවන්නේ සියයට 15ක පමණ ප්‍රමාණයකින් බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments