Wednesday, November 19, 2025
Homeදේශීයඋසස් පෙළ විභාගය පවත්වන දිනය ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ..

උසස් පෙළ විභාගය පවත්වන දිනය ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ..

 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 

අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ,ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන සඳුදා වන විට ප්‍රකාශයට පත් කරන බවයි.

උසස් පෙළ විභාගයේ දැනට සැලසුම් කර ඇති දින වකවානු සංශෝධනය කිරීමට සිදුවන බව මීට පෙර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ ය. 

අමාත්‍යවරයා  පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී  විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසී ය. 

මීට පෙර 2023 නොවැම්බර් 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ  කිරීමට සැලම් කර තිබුණ ද  2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මාස 3ක් පමණ  ප්‍රමාදවීම හේතුවෙන් උද්ගතව ඇති තත්ත්ව පිළිබඳව අමාත්‍යවරයා එහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.    

RELATED ARTICLES

Most Popular

Recent Comments