Department of Meteorology Sri Lanka පවසන්නේ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ප්‍රදේශ කිහිපයකට තරමක තද සුළංද අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි – අදත් ප්‍රදේශ රැසකට තද වැසි

