උතුරු ඉරාකයේදී සිදුවූ මෙහෙයුමක් අතරතුර තවත් අමෙරිකානු හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සෙබළෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු මධ්‍යම හමුදා විධානය (CENTCOM) සඳහන් කළේ, ඉරානයට අයත් බව පැවසෙන ප්‍රහාරක ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් පසු එහි තිබූ පුපුරා නොගිය යුධෝපකරණ ආරක්ෂිත ලෙස විනාශ කිරීමේ මෙහෙයුමකදී මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ අතර, ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සිකුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සෙබළුන් දෙදෙනාට අමතරව අතුරුදන්ව සිටි තවත් හමුදා සාමාජිකයෙකු සම්බන්ධයෙන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හඳුනා නොගත් මිනිස් අවශේෂ හමුවී ඇති බවද CENTCOM නිවේදනය කර තිබේ.
එම මිනිස් අවශේෂ අතුරුදන් වූ හමුදා සාමාජිකයාගේද යන්න තහවුරු කිරීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණ මේ වන විට සිදුකරමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

