Homeසියලුම පුවත්කොරතොට වෙඩි තැබීමේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොරතොට වෙඩි තැබීමේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නවගමුව පොලිස් බලප්‍රදේශයේ කොරතොට ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

ඒ අනුව, ඝාතනය සිදුකිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ අපරාධයට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු ඊයේ (19) සවස බියගම පොලිස් බලප්‍රදේශයේ දෙල්ගොඩ සහ නවගමුව පොලිස් බලප්‍රදේශයේ වඳුරමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධයට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 29 වන රණාල හා පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments