Homeසියලුම පුවත්පේරුවේ භූකම්පන දෙකකින් 6 දෙනෙකු මියයයි

පේරුවේ භූකම්පන දෙකකින් 6 දෙනෙකු මියයයි

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක හටගත් භූකම්පන දෙකක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පේරු සිවිල් ආරක්ෂක අංශ සඳහන් කළේ, ජුනින් කලාපයේ චුපාකා පළාතට බලපෑ මෙම භූකම්පන දෙක හේතුවෙන් මරණ හා දේපළ හානි සිදුව ඇති බවයි.

වාර්තාවලට අනුව, භූකම්පනවල ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් සහ 3.7ක් ලෙස සටහන් වී තිබේ.

පේරු ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ, බලපෑමට ලක් වූ චුපාකා ප්‍රදේශය අගනුවර වන ලීමා නගරයට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති බවයි.

අනතුරින් පසු සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව බලධාරීන් තවදුරටත් සොයා බලමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments