Donald Trump මහතාගේ චීන නිල සංචාරය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් කර තිබේ.
චීන ජනාධිපති Xi Jinping මහතාගේ ආරාධනයකට අනුව, ට්‍රම්ප් මහතා ලබන 13 සිට 15 දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවද එහිදී සඳහන් කර ඇත.
මෙය වසර නවයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරය ලෙසද සලකනු ලබයි.
දෙරට නායකයන් අතර මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා, ගෝලීය සාමය සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳව ගැඹුරු සාකච්ඡා පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි
ට්‍රම්ප්ගේ චීන සංචාරය ගැන චීනයෙන් ප්‍රකාශයක්

