Saturday, April 27, 2024
Homeදේශීයඅයවැයේ මුළු වියදමෙන් 80%ක් රනිල්ට, දිනේෂ්ට 12%

අයවැයේ මුළු වියදමෙන් 80%ක් රනිල්ට, දිනේෂ්ට 12%

ලබන 2024 වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය අනුව වාර්ෂික මුළු වියදම් ඇස්තමේන්තුවෙන් 66.79%ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබාගෙන තිබෙන අමාත්‍යාංශවලටද අගමැති දිනේෂ් ගුණවර්ධනට පවරා තිබුණ අමාත්‍යාංශයට 12.20%ක් ද වෙන්කර ගෙන තිබේ.

මේ බව “අයවැය ඇස්තමේන්තුව – 2024 (කෙටුම්පත)” වාර්තාවෙන් හෙළිවේ. එම වාර්තාවට අනුව ලබන වසරේ ඇස්තමේන්තු ගත රජයේ මුළු වියදම රුපියල් කෝටි 782684ක් වන අතර එයින් රුපියල් කෝටි 522777ක් ජනාධිපති සහ ඔහු යටතේ පවතින අමාත්‍යාංශවලට වෙන්කර ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන යටතේ පවතින රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි 95411ක් වෙන්කර තිබේ.

ලබන වසර වෙනුවෙන් ඍජුවම ජනාධිපතිවරයා සඳහා රුපියල් කෝටි 629ක් වෙන්කර ඇත. ඔහු යටතේ පවතින මුදල් හා ආර්ථික ස්ථාරයීකරණ අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 462128ක් වෙන්කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි 42373ක් ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 7453ක් ද තාක්ෂණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 543ක් ද, කර්මාන්ත අමාත්‍යාංශයට රුපියල් කෝටි 911ක් ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංයට රුපියල් කෝටි 340ක් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 8400ක් වශයෙන් ඉතිරි අමාත්‍යාංශවලට වෙන්කර තිබේ.

මේ අනුව ජනාධිපති සහ ඔහු යටතේ පවතින අමාත්‍යාංශ 07ක් සඳහා රුපියල් කෝටි 522777ක මුළු මුදලක් වෙන්කර ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධනට ඍජුවම රුපියල් කෝටි 115ක් වෙන්කර ඇති අතර, රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ලෙස වෙන්කර තිබෙන රුපියල් කෝටි 95411ක් වියදම ද සමග ඔහු යටතේ රුපියල් කෝටි 95526ක මුදල් ප්‍රතිපාදනයක් පවතී. ජනාධිපති සහ අගමැතිට සමස්ත වියදම් ඇස්තමේන්තුවෙන් 79%ක ප්‍රමාණයක් වෙන්වී ඇති අතර, වෙනත් ඇමතිවරුන් 27දෙනෙකු වෙනුවෙන් පවතින ප්‍රතිපාදන මුදල රුපියල් කෝටි 164380ක් පමණ වේ. එය මුළු වැය ශීර්ෂයෙන් 21%කි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments