Saturday, April 27, 2024
Homeදේශපාලනරනිල්ගේ බලගතුම පනතේ හිල් 100ක්

රනිල්ගේ බලගතුම පනතේ හිල් 100ක්

ආසියාවේ ප්‍රබලතම දූෂණ විරෝධී පනත ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන එන ලද පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසකගේ ඉහළම ප්‍රසාදය ලැබූ දූෂණ විරෝධී පනතේ වැරදි සහගත වගන්ති 100කට වැඩි ප්‍රමාණයක් ඇති බව හෙළි කර තිබේ.

මේ පිළිබඳව 19 ඉරිදා දේශය පුවත්පත කරුණු වාර්තා කර ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ පිළිබඳව පෙන්වා දී ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව සහ එම කොමිෂන් සභාව සිදු කළ ඒකාබද්ධ නිරීක්ෂණයකදී මෙම වැරදි වගන්ති පිළිබඳව තහවුරු කරගෙන තිබේ.

මෙම තත්වය තුළ නව දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට ජනාධිපති, අගමැති, කථානායක සහ අධිකරණ ඇමතිගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව එම ප්‍රවෘත්තියේ දැක්වේ.

මෙම වැරදි නිවැරදි කරගන්නා තුරු දූෂණ විරෝධී පනත යටතේ අලුතෙන් නඩු පැවරීම් කිසිවක් සිදු කළ නොහැකි තත්වයක් උද්ගතව ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments