Saturday, April 27, 2024
Homeදේශපාලනඅයවැයේ තරු විසි වෙන ඇත්ත මෙන්න

අයවැයේ තරු විසි වෙන ඇත්ත මෙන්න

මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය අනුව ලබන වසරේදී රජය ණය වාරික සහ ණය පොලිය වශයෙන් රුපියල් බිලියන 6,919ක් වූ අති විශාල මුදලක් ගෙවීමට ඇති බව හෙළි වී තිබේ.

මෙම තොරතුර හෙළි වන්නේ, අයවැය කතාවට ඉදිරිපත් නොකරණ ඇමුණුම් තුළිනි. ඇමුණුම 02 යටතේ මීට අදාළ දත්ත ඉදිරිපත් කර ඇත.

ලබන වසර වෙනුවෙන් ණය වාරික ආපසු ගෙවීමට 4,268ක ප්‍රතිපාදන අවශ්‍ය බව දක්වා තිබේ. පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,651ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මේ අනුව ණය වාරික සහ පොලිය ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 6,919ක් අවශ්‍ය වී තිබේ. එය මෙම වසරේ අපේක්ෂිත මුළු ආදායම වන රුපියල් බිලියන 4,259 සමග සසඳන විට 162%ක ඉක්මවා ගිය වියදමකි.

රාජ්‍ය ණය ආපසු ගෙවීම රුපියල් බිලියන 4,268ක් වන නමුත් එය රුපියල් බිලියන 1,268 දක්වා ප්‍රතිව්‍යූහගත කර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව අයවැය ඇස්තමේන්තු කෙටුම්පත අනුව හෙළි වී තිබේ. නමුත් මේ වනවිටත් විදේශීය ණය කපා හැරීමට අදාළව කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි පසුබිමක කෙතරම් දුරට ප්‍රායෝගික වී දැයි බරපතළ ගැට‍ළුවකි.

මේ අතර ලබන වසර වෙනුවෙන් ලබා ගත හැකි උපරිම රාජ්‍ය ණය සීමාව රුපියල් බිලියන 7,350 දක්වා රුපියල් බිලියන 3,900කින් ඉහළ දමා තිබේ. රජයේ මුළු වියදම රුපියල් බිලියන 7,827ක් ලෙස ඇස්තමේන්තු කර ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments