Saturday, April 27, 2024
Homeදේශපාලන'එක් තීරයක් එක් මාවතක්' ජාත්‍යන්තර නායක සහයෝගිතා සංසද සමුළුව ඇරඹෙයි

‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තර නායක සහයෝගිතා සංසද සමුළුව ඇරඹෙයි

එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ තුන් වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උලෙළ අද(18) බෙයිජිංහි දී පැවැත්වේ. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන දේශනය සිදු කළේය.

ගෙවී ගිය දශකය තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් ව සිටින විවිධ රටවල් එම මූලික අභිලාෂයන් හා ඉලක්ක අරමුණු කරගනිමින් ප්‍රායෝගික මෙන්ම සක්‍රීය ජගත් සහයෝගයක් තහවුරු කර ඉන් සරු ප්‍රතිඵල දිනා ගැනීමට සමත් වී තිබේ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යනු, සැලසුම් රාමුවක් සැබෑ දර්ශනයක් ඔස්සේ යථාර්ථයක් බවට පත්කෙරෙන පුළුල් ක්‍රියාවලියකි. 

මේ යටතේ සන්ධිස්ථානගත ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් පවතින අතර, ලෝකවාසී ජනතාවට විවිධ ප්‍රතිලාභ අත්කර දෙන ව්‍යාපෘති ද කැපී පෙනේ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මඟින් ක්‍රියාත්මක ඒකාබද්ධ සංවර්ධනය, ඉතිහාසයට සහ වර්තමානයට ගැළපෙන සාධාරණ හා යුක්තිසහගත චාරිකාවක් බව ගෙවී ගිය දශකය තුළින් පිළිබිඹු වී ඇතැයි ෂී ජින්පිං පෙන්වා දෙයි.

උසස් ගුණාත්මකභාවයෙන් යුතු ව එක් තීරයක් එක් මාවතක් පොදුවේ සංවර්ධනය කිරීමේ දී චීනයේ සහයෝගය හිමි වන මෙහෙයුම් අටක් ෂී ජින් පිං එහි දී ඉදිරිපත් කර ඇත.

ගෙවුණු වසර 10 තුළ ආර්ථික කොරිඩෝ පෙරදැරි කරගෙන අන්තර්ජාල මාර්ග හා තොරතුරු අධිවේගී මාර්ග ප්‍රධාන කර ගනිමින් දුම්රිය මාර්ග, මහාමාර්ග, ගුවන් තොටුපොළ, වරාය, නළ මාර්ග යනාදී ව්‍යාපෘති ඔස්සේ ගෝලීය මට්ටමේ සම්බන්ධීකරණ ජාලයක් චීනය ස්ථාපිත කර තිබේ. 

ගොඩබිමෙන්, මුහුදෙන්, අහසෙන් හා අන්තර්ජාලයෙන් සම්බන්ධ වන එම ජාලය, විවිධ රටවල වෙළෙඳ භාණ්ඩ, අරමුදල්, තාක්ෂණ හා පුද්ගල හුවමාරු ප්‍රවර්ධනය කර ඇතැයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලාංකේය නියෝජිත පිරිස ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments