Sunday, April 28, 2024
Homeසියලුම පුවත්රටේ පාලකයෝ අපි කියන දේ අහන්නේ නැහැ – තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ...

රටේ පාලකයෝ අපි කියන දේ අහන්නේ නැහැ – තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමි

රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

උන්වහන්සේ එසේ පවසා තිබෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සහ මහනුවර කෞතුක වටිනාකමකින් යුතු ඉපැරණි ගොඩනැගිලි දෙකක් ඉන්දියානු සමාගමකට විකුණා දැමීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගැනීමට එරෙහිව මල්වතු මහනායක හිමියන් දැනුවත් කිරීම සඳහා ඊයේ (08) පෙරවරුවේ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නිලධාරීන් මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

එහිදී එම වෘත්තිය සමිති නිලධාරීන් මහානායක හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ නුවරඑළියට පැමිණෙන විදේශිකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන මෙම ඉපැරණි ගොඩනැගිල්ල විනාශ නොකරන ලෙසට මහනායක හිමියන් මැදිහත්ව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙසයි.

එහිදී මහා නායක හිමියන් වෘත්තී සමිති නිලධාරීන් හමුවේඅදහස් දක්වමින් පවසා තිබෙන්නේ නුවරඑළියේ එම කෞතුක ගොඩනැගිල්ල වෙනත් කටයුත්තකට යොදා ගන්නවාට එරෙහිව විදේශිකයන් පවා විරෝධතාවයේ යෙදෙන අයුරුතමන් වහන්සේ දුටු බවය.

එම ගොඩනැගිල්ල මීට පෙර දී දමේ ආකාරයෙන් අත්පත් කර ගැනීමට උත්සහ කළා නේදැයි මල්වතු මහ නාහිමියන් වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් මහා නා හිමියන් හමුවේ පවසා තිබේනනේ වත්මන් ජනාධිපතිවරයා අගමැති ධුරය දැරූ 2018 වසරේ දී මේ ආකාරයෙන්ම එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවය.

එම කටයුත්ත නතර කිරීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවත් මහ නා හිමිවරුන් ලබා දෙන අවවාද උපදෙස් ඔවුන් පිළි නොපදින බවත් එහිදී මහ නායක හිමියෝ වෘත්තිය සමිති නිලධාරීන් හමුවේ පවසා ඇත.

ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ නිලධාරීන් මෙහිදී අවධාරණය කර ඇත්තේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරමින් සිදුකිරීමට යන මෙම විනාශය නතර කිරීමට පියවර නොගතහොත් අනෙකුත් රාජ්‍ය ආයතනද ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments