Homeසියලුම පුවත්මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

නොච්චියාගම, අන්දරවැව ප්‍රදේශයේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අන්දරවැව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.

මූලික විමර්ශනවලට අනුව, පසුගිය 17 වැනිදා රාත්‍රියේ නිවස ආසන්නයේ පිහිටි ගල් වළක මාළු ඇල්ලීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මියගිය පුද්ගලයාගේ සිරුර එම ගල් වළ තුළ මාළු දැලක පැටලී තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments