Homeසියලුම පුවත්හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති රනිල්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති රනිල් එක්වෙයි

කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 17 වැනිදා සිය නිවසේදී වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.

පොලිස් විමර්ශනවලට අනුව, මෙම මරණය සියදිවි හානි කරගැනීමක් විය හැකි බවට සැක පළ කරන අතර, ඔහු සිය ආරක්ෂක නිලධාරියාට අයත් ගිනි අවිය භාවිත කර ඇති බවට මූලික සැක පවතී. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට (20) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments