Friday, April 26, 2024
Homeසියලුම පුවත්ආහාර උද්ධමනයෙන් අපි ආසියාවේ සිව්වැනි තැන – ලෝකයේම 12 වෙනියා

ආහාර උද්ධමනයෙන් අපි ආසියාවේ සිව්වැනි තැන – ලෝකයේම 12 වෙනියා

දෙසැම්බර් මාසයේදී මෙරට ආහාර උද්ධමනය 22.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නොවැම්බර් මාසයේදී එම අගය පැවතියේ 17.5% ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළදී ආහාර උද්ධමනය 04.6% කින් ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාසයක් තුළ 6.4% සිට 7.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ. සමස්ත උද්ධමනය එම කාලසීමාව තුළදී 9.9% සිට 12.1% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි මහ බැංකුව පවසන්නේ.

ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ආසියාවේ සිව්වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට වඩා වැඩි ආහාර උද්ධමනයක් වාර්තා වන්නේ ලෙබනනය, ඉරානය, සිරියාව, යන රටවලින් පමණි. දකුණු ආසියානු කලාපයේ සියලු රටවල්වලින් ශ්‍රී ලංකාවට වඩා අඩු උද්ධමනයක් වාර්තා වේ.

සමස්ත ලෝකමය සැළකුවහොත් ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 12 වැනි ස්ථානයේයි. ශ්‍රී ලංකාවට වඩා වැඩි ආහාර උද්ධමනයක් වාර්තා වන්නේ වෙනිසියුලාව, සිම්බාබ්වේ, සිරියා, ඉතියෝපියා, ලෙබනන් වැනි දිගුකාලීන අර්බුදවලට මුහුණ දී සිටින රටවලින් පමණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments