Friday, April 26, 2024
Homeදේශපාලනමැතිවරණය ගැන මුද්‍රණාලය ගත් තීරණය

මැතිවරණය ගැන මුද්‍රණාලය ගත් තීරණය

මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවට මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබේ.

රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ, අද දිනයේ අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් සිදුකර තිබු දැනුම්දීමට අනුව පෙරේදා දිනයේ ද ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ බව මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළාය.

පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් අවශ්‍ය බව රජයේ මුද්‍රණාලාය දැනුම් දී ඇත.

මුදල් ප්‍රතිපාදන ලැබී දින 06ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකි වන බවත් මාසයක් තුළ අනෙක් සියලු මුද්‍රණ කටයුතු සිදුකිරීමට හැකි බවත් දන්වමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිත දැනුම්දීමක් අද දිනයේ සිදුකරන බව ගංගානි කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments