Friday, May 3, 2024
Homeදේශපාලනසජිත් ඇන ගත්තාද ?

සජිත් ඇන ගත්තාද ?

2007  මංගල සමරවීර, ශ්‍රීපති සුරියආරච්චි,අනුර බණ්ඩාරනායක මහින්දගේ ආණ්ඩුවෙන් එලියට ආ විට 2008 අයවැය පරාජය කරන්න එකල විපක්ෂනායක සහ යු.ඇන්.පී නායක රනිල් ගේම් ප්ලෑන් එක ඇත්දේය.එය බොහොම ලේසි ගේම් එකකි. මහින්දගේ ආණ්ඩුවට තිබුනේ මන්ත්‍රීවරු 122කි. ඒ  යු.ඇන්.පී යෙන් කඩා ගෙන ගිය කරූ ජයසුරිය ගේ 17ත් එකතු වෙලාය. එම 122න්  39ක් ජ.වී.පී. මන්ත්‍රීවරු විය.

එම 39ය රනිල්ට ආණ්ඩුව පෙරලන්න කඩල දෙන්න මංගල පොරොන්දු වී තිබුණි. එවිට මහින්දගේ ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව 83කි. යු.ඇන්.පී යට තිබුනේ ඡන්ද 65කි. මංගල, ශ්‍රීපති,අනුර එක් වූ විට 68කි. ජ.වී.පෙ 39ක් එක්වූ විට 107කි. අයවැය විවාදය යද්දී ආණ්ඩුවේ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විපක්ෂයට ආවේය.

ආණ්ඩුව හාන්සි  කියා හැමෝම සිතූහ. නමුත් පසුදින කව්රුත් බලාපොරොත්තු නොවූ ලෙස යු.ඇන්.පී මන්ත්‍රී රනිල්ගේ සමීප ගෝලයකු වූ මහින්ද රත්නතිලක ආණ්ඩුවට එක්විය. ඒ ගේම ගැහුවේ බැසිල්ය. බැසිල් ජ.වී.පෙ දෙකඩ කලේය. විමල්ලා ආණ්ඩුවට සහය දෙන්න තීරණය කළේය. රනිල් යු.ඇන්.පී යට හිමි විය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දී ආරක්ෂා කල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා වතු කම්කරු කොංග්‍රසය ඔක්කොම මහින්දගේ ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන්හ.

විපක්ෂයට එක් වෙනවා කී හෙළ උරුම මන්ත්‍රීවරු, ආණ්ඩුවේ අර්ජුන රණතුංග රනිල්ට පොල්ල තබනු  ලැබීය. රනිල් සහ මංගල නන්නත්තාර විය. මෙහෙම පරාජය වුනේ පාර්ලිමේන්තු ගේම් එකේ නොම්මර එකේ ගණන්කාරයා කී රනිල්ය.

ලංකාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පෙරලන ගේම් එකේ ආණ්ඩුවකට අමාරුම ගේම එය විය. ඒ ගේම ගැහුවේ බැසිල්ය. ඒ බැසිල්ම පහුගිය ජනාධිපති තෝරන ඡන්දයෙන් ගේම ගහල රනිල් ජනාධිපති කළේය. ඒක බැසිල්ට කජු කිරි කන ගේම් එකකි. මන්ද ආණ්ඩුවට 155කට වඩා මන්ත්‍රී ඡන්ද තිබුණි. ඒ ඔක්කොම පොහොට්ටුවේ මන්ත්‍රී ඡන්ද විය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිද්දී මන්ත්‍රීවරු 156ක් 20ට පක්ෂව ඡන්දය දුන්හ විපක්ෂයට ලැබුනේ දමිල ජාතික සංධානයත් එක්ව ඡන්ද 65කි රනිල්ව ජනාධිපති කරන ඡන්දයේ බැසිල්ට ගතහැකි වුයේ ඡන්ද 134කි 2008 අයවැයේදි රනිල්ට ටී එන් ඒ් මන්ත්‍රිවරු 3ක් නැතිවිය මෙවර සජිත්ට ටි එන් ඒ් මන්ත්‍රිවරු 4කට වඩා නැතිවිය 2008 රනිල්ට හකිම්ගේ  තොණ්ඩමන්ගේ මන්ත්‍රිවරු නැතිවිය 20 වන ව්‍යවස්ථා සංශෝධනයේදි සජිත්ට හකිම්ගේ රිෂාඩ්ගේ මන්ත්‍රිවරු නැතිවිය තොණ්ඩමන් එදා රනිල්ගේ ඡන්දයෙන් ඇවිත් රනිල්ට කොකා පෙන්විය මෙවර තොණ්ඩමන්ගේ පුතා පොහොට්ටුවේ ඡන්දයෙන් ඇවිත් සජිත්ට එක්වී පසුව පොහොට්ටුවටම ගියේය

එදා රනිල් සහ මංගල කුජීත වුනේ රනිල්ගේ හෝ මංගලගේ වරදකින් නොවේ.  මෙවර සජිත් සහ ඩලස් කුජීත වුනේ ඒ දෙන්නාගේ වරදකින් නොවේ. එදා රනිල් මංගල විශ්වාස කොට යූ.ඇන්.පි ය කෑවා කියා කෑගැහුවේ රාජපක්ෂලා රකින්න  ගිය යූ.ඇන්.පි 17 දෙනාය. අද සජිත් ඩලස් එක්ක එකතු වෙලා ස.ජ.බ ය කෑවා කියන්නේ රාජපක්ෂලා රකින්න ගිය රනිල්ගේ මිතුරන්ය.

එදා රනිල් ආණ්ඩුව පෙරලන්න මංගලට උප අගමැතිකම දෙන්න ගියේ යු. ඇන්. පියට හොරෙන්ය ඒත් සජිත් මෙදා ඩලස් එක්ක කරන සියළු සාකඡ්ඡා පිළිබදව ස.ජ.බ.ය දැනුවත් කොට ඔවුන්ගේ අනුමැතිය ලබා ගත්තේය

රනිල්ගේ මිතුරන්ට සජිත් තනියම ඉල්ලුවත් වැරදිය. සජිත් තනියම ඉල්ලන්න ගිය විට ඔවුන් ලීවේ සජිත් ඔලුව නැතත් කද  ෆයිට් එකක් දෙන්න යනවා කියාය. බෙදී තරග කලොත් රනිල් දිනනවා යැයි ඔවුන් කීහ. සජිත් තරග කරන්න තීරණය කලවිට රනිල්ට 90යි ඩලස්ට 69යි, සජිත්ට 62යි කී ඔවුන් සජිත් ඩලස්ට අපේක්ෂකත්වය දී ඉවත්වූ විට සජිත්ට 62ක් නැහැ කිවේය. දැන් කියන්නේ සජිත්ගේ 62 න් බහුතරයක් රනිල්ට දුන්නා කියාය. ඉන්දියාව හිටියේ රනිල් එක්ක  යැයි බොරු වපුරන ඔවුන් රනිල් දින්න විට ඉන්දියාව නිහඩව සිටියදී චීන ජනාධිපති කල සුභ පැතුම නොදැක්කා සේ සිටී. ඔවුන්ට සජිත් ජනාධිපති කමට ඉල්ලුවත් වැරදිය.අයින් වුවත් වැරදිය කතා කලත්     වැරදිය. කට වහගෙන හිටියත් වැරදිය. කෑවත් වැරදිය. නොකෑවත් වැරදිය. මේවා  දේශපාලන විග්‍රහ නොව ආණ්ඩු කර කමක්  ගන්න කරන විග්‍රහය. මෛත්‍රී ගෙන් ආණ්ඩුකාර කම ගන්න රනිල් මහා බැංකු හොරා කියා කියපු අයට දැන් රාජපක්ෂ-රනිල් හවුලෙන් ආණ්ඩුකාර කම ගන්න රනිල්ව පෙන්නේ මානවම්ම රජු වගේය  මෙම විග්‍රාහ ඔක්කොම කැරකෙන්නේ ආණ්ඩුකාර තනතුර වටාය.

එදා රනිල්ගේ කොලු ගැටව් කියා කෝචෝක් කරපු අකිල, සාගලව අද ඔවුන්ට පෙන්නේ  මාර ගේම් කාරයින් ලෙසය  රනිල් වෙනුවෙන් රාජපක්ෂලාට කඩේ ගිහින් සජිත් සහ ස.ජ.බය විනාශ කරන්න විග්‍රාහ කරන අයට ආණ්ඩුකාර කම් ලැබෙයිද දන්නේ නැත

එලෙස කඩේ ගිහින් මග හැරුණු අවස්ථා ඉතිහාසයේ පිරී ඇත. දේශපාලන සන්නිවේදනය, රජුන් තැනීම ආණ්ඩුකාර කම් ගන්න විද්‍යාවකි. කලාවකි. කඩේ ගිහිල්ලත් ආණ්ඩුකාර කමක් නොලැබුනොත් 2024 ට එය හොද පාඩමකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments