Thursday, May 9, 2024
Homeදේශීයඅත්අඩංගුවට ගනු ඇතැයි මෛත්‍රී දැඩි තැති ගැන්මකින්…

අත්අඩංගුවට ගනු ඇතැයි මෛත්‍රී දැඩි තැති ගැන්මකින්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 417 සහ තවත් අපරාධ කිහිපයකට අදාළ නඩු කිහිපයක් පවතින බවත් මේ හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට පත්ව ඇති බවත් එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙන්නේ එම නඩු සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට පත්වනු ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි තැති ගැන්මකින් යුතුව සිටින බවයි

මෙම බිය තව දුරටත් වර්ධනය කිරීම සඳහා පක්ෂය පාවා දෙමින් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගත් පිරිස කටයුතු කරමින් සිටින බවත් මෙම තත්වය තුළ සභාපති සිරිසේන මහතා ඔවුන්ට අවශ්‍ය ලෙස ක්‍රියාකරමින් සිටින බවත් ජයසේකර මහතා සඳහන් කරයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments