Thursday, May 2, 2024
Homeදේශීයඅධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගැන අධ්‍යාපන ඇමති ගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගැන අධ්‍යාපන ඇමති ගෙන් ප්‍රකාශයක්

2027 වර්ෂය වන විට සියලු‍ ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කර තිබේ.
                           
ඒ අනුව මෙරට පෙරපාසල්, පාසල්, වෘත්තීය හා උසස් යන අධ්‍යාපන ක්ෂේත්‍ර හතරම ජාත්‍යන්තර මට්ටමට සමගාමී ව සංවර්ධනය කරන බව ද ඔහු සඳහන් කරයි.

මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතරම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී පවසා ඇත.

කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශත සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා තිබෙනේ, මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 08ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහාම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවයි.

එහි දී කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයට යාපන අර්ධද්වීපය තුළ කේන්ද්‍රස්ථානය හිමි වන බවත් ඔහු සඳහන් කර ඇත.

උතුරු පළාත තුළ වෙසෙන ගුරු අභ්‍යාසලාභී විද්‍යාර්ථීන්ට එය වඩාත් ප්‍රශස්ථ අවස්ථාවක් වනු ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

එමඟින් 2027 වර්ෂය වන විට සියලු‍ ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බැව් සිහිපත් කළ අමාත්‍යවරයා, යාපන අර්ධද්වීපය තුළ සිටම විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මඟින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන්ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments