Thursday, May 2, 2024
Homeදේශීයඇස් රෝගයක් නිසා පාසලක පන්ති කිහිපයක් වැසෙයි

ඇස් රෝගයක් නිසා පාසලක පන්ති කිහිපයක් වැසෙයි

දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසන්නේ, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු වුවත් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඔබ සතු බවය.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මේ ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිර යන අතර ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය එහි රෝගලක්ෂණ වේ.

එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි අතර එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් මේදිනවල පවතින කාලගුණික තත්ත්වයත් සමග මෙම වෛරස ඇස් රෝගය පැතිර යා හැකිය.

මේ වන විට කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ දරුවන් අතර ද මෙම රෝගය ව්‍යාප්තව පවතී. 

මේ පිළිබඳ අදහස් දක්වන කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ, විදුහල්පති, මොහාන් වීරසිංහ මහතා,

“පසුගිය සතියේ බ්‍රහස්පතින්දා වෙද්දි ඇස් රෝගය හැඳුනු දරුවෝ 40ක් විතර 6,7 ශ්‍රේණිවලින් හොයා ගන්න පුළුවන් වුණා. සිකුරාදා දිනයේත් අක්ෂි රෝගයට ලක්වුණ දරුවෝ 30ක් විතර හිටියා. සඳුදත් හිටියා අක්ෂි රෝගය වැලඳුන දරුවන් 35ක් විතර. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු උපදෙස් පරිදි 6,7,8 ශ්‍රේණි මේ දවස් 4 පවත්වන්නේ නෑ…”

ඒ අනුව අදාළ පාසලේ රෝගය පැතිර යන පන්ති නොපවත්වන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර මහතා දැනුම් දී තිබේ.

මෙම රෝගය වැළඳුනු පසු ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග නිසිපරිදි අනුගමනය කිරීමෙන් ඔබට ඉන් ඇතිවන බලපෑම් අවම කරගත හැකිය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments