Sunday, April 28, 2024
Homeදේශපාලනඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (10) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූතපිරිස කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ බවය.

ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකු ද සංචාරය සඳහා එක්ව තිබේ.

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 31 දරන විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව වාර්තා වේ.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

මේ අතර දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වත්වා තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡා පැවති බව සඳහන්ය.

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවේදී ලංකාවේ ආර්ථිකය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබේ.

සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇතැයි සඳහන්ය.

ශ‍්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ සංවර්ධන කටයුතු සඳහා දකුණු අප්‍රිකාව ලබාදුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරිය වෙත සිය කෘතඥතාව පළ කර ඇති බව සඳහන්ය.

එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර වසර අවසන් වීමට පෙර එය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments