Friday, May 3, 2024
Homeදේශීයඉන්ධන නොමැති නිසා කැලණිතිස්ස බලාගාරය සම්පුර්ණයෙන් අක්‍රීය වෙයි

ඉන්ධන නොමැති නිසා කැලණිතිස්ස බලාගාරය සම්පුර්ණයෙන් අක්‍රීය වෙයි

මෙරට කැලණිතිස්ස බලාගාරය නැප්තා ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන් සිකුරාදා (22) රාත්‍රියේ ක්‍රියාවිරහිත කර ඇති බව වාර්තා වේ.

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොකිරීම නිසා නැප්තා ඉන්ධන තොග රට තුළ අවසන් වී ඇති බව වාර්තා වේ.

මෙරට කැලණිතිස්ස බලාගාරය නැවත ක්‍රියාකරවීමේ දිනයක් නොදන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක ඇන්ඩෲ නවමනී සදහන් කරයි.ඔහු සදහන් කළේ, “බලාගාරය නැවත විදුලිය උත්පාදනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව විසින් අපට නැප්තා හෝ ඩීසල් ලබා දෙන්න ඕනේ”

කැලණිතිස්ස බලාගාරය බල ගැන්වීම සඳහා ඩීසල් ලීටර් මිලියනයක් පමණ අවශ්‍ය බව ඔහු සදහන් කළේය.

ඩීසල් ඉන්ධන හිඟය හේතුවෙන් තවත් ඩීසල් බලාගාර කිහිපයක් ද නවතා දමා ඇති බව වාර්තා වේ.

ඊයේ (23) රාත්‍රිය වන විට ද්‍රව ඉන්ධන (HFO, නැප්තා සහ ඩීසල්) මත ක්‍රියාත්මක වන තාප බලාගාරවල ඉන්ධන අවසන් වීමේ අවදානමක් ඇති බව වාර්තා විය.

දැනට අවශ්‍ය කරන ඉන්ධන (furnace oil) මෙට්‍රික් ටොන් 30,000ක් ගොඩබා තිබෙන බව සදහන්ය. මෙම බලාගාර දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 2,500ක් අවශ්‍ය බැවින් අදාළ මෙට්‍රික් ටොන් 30,000 ප්‍රමාණවත් වන්නේ දින 12-13ක් සඳහා පමණය.

මෙරට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එන්.එස්. ඉලංගකෝන් කියා සිටියේ ලංවිම මේ වන විට පැය තුනක විදුලි කප්පාදුවක් සමඟ තත්ත්වය කළමනාකරණය කරමින් සිටින බවය.ලංවීමට අයත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හැර අනෙකුත් බලාගාර ක්‍රියාත්මක වන්නේ නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments