Saturday, May 4, 2024
Homeදේශීයකඳුළු ගෑස් ප්‍රහාරයෙන් මරණයක් සිදුව ඇති බවට වසන්තගෙන් ප්‍රකාශයක්

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මරණයක් සිදුව ඇති බවට වසන්තගෙන් ප්‍රකාශයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුර එල්ලකළ කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් කොළඹ සරසවියේ අභ්‍යන්තර ආරක්ෂක අංශයේ සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලීසිය පහරදීම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට කැරලි මර්දන ඒකක නිලධාරීන් ඇතුළුවීමට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණි.

ඊයේ පැවති විරෝධතාවයට පොලීසිය පහරදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද මාධ්‍ය සාකච්ඡාවලදී විරෝධය පළ කළේය.

මේ අතර ඊයේ පැවති විරෝධතාව අතරතුර කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨ පරිශ්‍රයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් නීති පීඨ සිසුන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එසේම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය කළ පහරදීම සහ ශාස්ත්‍ර පීඨයට කැරලි මර්දන ඒකක නිලධාරීන් ඇතුළුවීමට විරෝධය පා කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද සංවිධාන කළ විරෝධතාවට ද පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments