Saturday, May 4, 2024
Homeදේශපාලනකලා උපාධිය නිසා උපාධිධාරීන්ට රැකියා දෙන්න බැරි වුණාට බාල බිත්තර ගෙනත් වැඩි...

කලා උපාධිය නිසා උපාධිධාරීන්ට රැකියා දෙන්න බැරි වුණාට බාල බිත්තර ගෙනත් වැඩි මිලට විකුණන්න නම් රජයට පුළුවන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ රජයට කලා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවා ගන්න බැරි වුනාට ගුණාත්මකභාවයෙන් බාල බිත්තර ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ නම් නතර නොවී ඇති බවත් මේ බංකොලොත් රටේ පවා ගුණාත්මක භාවයෙන් පහළ, කල් ඉකුත් වූ විදේශීය බිත්තර අඩු මුදලකට ගෙන්වා වැඩි මිලකට සමාජයට ලබා දී මහා බිත්තර ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ජනතාව පවසන බවත් මීට සම්බන්ධ කවුරුන්ද කියා හෙළි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මෙය බරපතල සමාජීය කාරණාවක් බැවින් අදාළ වගකිවයුතු පාර්ශ්වයන් ජනතාවට පිළිතුරක් ලබා දිය යුතු බවත් මෙය රාජ්‍ය ප්‍රතිත්තියක් ද කියා හෙළිකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (1) රැකියා විරහිත උපාධිධාරී එකමුතුව සමඟ සිදු කල සාකච්ඡාවක් අතරතුරය.මේ මොහොත වන විට අපේ රටේ රැකියා විරහිත උපාධිධාරින් 30000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ඒ අතර බහුතරයක් කලා උපාධිධාරීන් බවත් මොවුන්ගේ මේ රැකියා ප්‍රශ්නයට හරියාකාර තිරසර විසදුමක් ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් රට බංකොලොත් වී ඇති නිසා රැකියා ලබා දෙන්න බැහැ කියන එක උපාධිධාරීන්ට ලබා දිය යුතු සුදුසු පිළිතුර නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන කොට එහි සේවය කරන පුද්ගලයන් සහ දේශපාලන අධිකාරිය විසින් පිං පඩි ගන්න ආවාද? පුළුවන් නම් කුලී වැඩක් කරගන්නා ලෙස අපහාසාත්මක ලෙස විමසා ඇති බවත් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ අරමුණ වන්නේ මෙවැනි උත්තර උපාධිධාරින්ට දෙන වැඩපිලිවෙළක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේ ම අධ්‍යාපනයේ විෂය නිර්දේශයන්ගේ වෙනස් වීම් සම්බන්ධයෙන් දේශපාලනඥයන් වගකිව යුතු බවත් එම නිසා කලා උපාධිධාරීන් කියා කිසිවක් පැත්තකට දැමීම හෝ එලවා දැමීමට හා කොන් කිරීමට කිසිම රජයකට අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.නමුත් මෙම උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය හඬ නගන බවත් මේ සදහා විසදුමක් ලබා දිය යුතු බවත් විකල්ප ආණ්ඩුව ලෙස මෙම උපාධිධාරීන් පුහුණු කිරීම, නව තාක්ෂණය පිළිබද අධ්‍යාපනය ලබා දීම, පුහුණු කාලය තුළ දීමනාවක් ලබා දීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු පුරප්පාඩු වලට සම්බන්ධ කිරීමත් ව්‍යාවසායකත්වයට කැමති උපාධිධාරීන්ට ප්‍රග්ධන ශක්තියක් සහිතව යොමු කිරීමත් සිදු කරන බවත් ඔවුන් අමතක කිරීමට කිසිදු අවස්ථාක සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.තවද බොහෝ රජයන් මේ ගැටලුවට මුහුණ දෙන්න කැමති නොමැති බවත් නමුත් සෑබෑ නායකත්වයක් ප්‍රශ්න හැර නොයන නිසා මේ ගැටලුවට සමගි ජන බලවේගය පිළිතුරක් ලබා දෙන බවත් බංකොලොත් රටේ මේ වටිනා තරුණ සම්පත අහක දැමීමට නොහැකි බැවින් ආණ්ඩුව හෝ විපක්ෂයේ අනෙකුත් පක්ෂ මේ ගැන සිතුවේ නැතත් විකල්ප රජය ලෙස සමගි ජන බලවේගය මෙම උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවත් පැවසීය.NEWS CLIP ♦️ https://youtu.be/P52LmPc6Icc?si=vChw6-ULDhFX_4ES

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments